ගල්කිස්ස ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු සහ සැකකාරියක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 15 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අනුව ඊයේ (18) වත්තල ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේදී අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, ජීව පතුරොම් 12ක් සහ හිස් පතුරොම් කොපු 6ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.














