ආපදා තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම සහ ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා ප්‍රජාව සවිබලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක “Training of Trainers on Community Capacity and Resilience for Health Emergency Preparedness and Response (C3R)” විශේෂ පුහුණු වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර Myst by Cinnamon හෝටලයේදී ආරම්භ කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය, අධිකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ත්‍රිත්වය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහ ලෝක බැංකුවේ වසංගත අරමුදලේ (The Pandemic Fund) සහයෝගය හිමිව තිබේ. දිස්ත්‍රික්ක 10ක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනේ පළමු අදියර අගෝස්තු 18 සහ 19 යන දිනවල පැවැත්වෙන අතර, ඉදිරියේදී දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 1,000 ක් ආවරණය කරමින් ප්‍රජා සාමාජිකයින් 20,000 කට අධික පිරිසක් පුහුණු කිරීමට නියමිතය.













