කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ‘ජියෝගොවියා’ පද්ධතියේ අනාගත සංවර්ධනය සහ දීර්ඝකාලීන තිරසාරභාවය තහවුරු කිරීමේ අරමුණින් විශේෂ උපායමාර්ගික සාකච්ඡාවක් පවත්වන ලදී.
ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ (IWMI) තාක්ෂණික හා මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කරන ලද මෙම පද්ධතිය, ලියාපදිංචි ගොවීන් මිලියන 1.42 ක්, කුඹුරු ඉඩම් මිලියන 1.82 ක් සහ හෙක්ටයාර මිලියන 0.82 ක භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් මධ්‍යගත දත්ත ගබඩාවක් ලෙස ක්‍රියාත්මක වේ. “නිවැරදි තොරතුරු – නිවැරදි ස්ථානයට – නිවැරදි වේලාවට – නිවැරදි කාලගුණය” ලබාදීම මඟින් ස්මාර්ට් ගොවියෙකු බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, තථ්‍ය කාලීන වගා විශ්ලේෂණයන්, කාලගුණික අනතුරු ඇඟවීම් සහ වෙළඳපොළ මිල තොරතුරු ලබාදීමට නියමිතය.
තවද, රාජ්‍ය දත්ත ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූලව පද්ධතිය දේශීය Cloud යටිතල පහසුකම් වෙත මාරු කිරීමට සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ API හරහා සුරක්ෂිතව දත්ත හුවමාරු කර ගැනීමට ද මෙහිදී අවධානය යොමු කර ඇත.
















