මාදම්පේ, තඹගල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවියක් සහ ඇගේ පෙම්වතා අතුරුදන්වීම සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පියා සේවය කළ කර්මාන්තශාලාවේ සේවය කළ තරුණයෙකු සමඟ ඇය ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර, ඊයේ (18) දින පියාට දිවා ආහාරය රැගෙන ගොස් යළි නිවසට පැමිණ නැත. පසුව අදාළ තරුණයාගේ දුරකථනයෙන් මවට ඇමතුමක් ලබා දී ඇති දැරිය, “මම එන්නේ නෑ.. මාව හොයන්න එපා.. ඇඳ යට ලියුමක් තියනවා ගන්න” යැයි පවසා ඇත. මව විසින් ලබා දුන් පැමිණිල්ලකට අනුව පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරයි.














