ගෝලීය වශයෙන් ඉහළ ගොස් ඇති දැඩි ආර්ථික අර්බුද සහ නිවාස හිඟය හේතුවෙන් සැබෑ ආදර සබඳතාවලින් ඔබ්බට ගොස් නවාතැන් පහසුකම් සහ කුලී බරින් මිදීම අරමුණු කරගත් නව සමාජ ප්‍රවණතාවක් ලෙස “Hobosexual” සංසිද්ධිය පසුගිය දශකය තුළ සියයට පනහකින් පමණ වර්ධනය වී තිබේ.
ලෝකය පුරා සීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම සහ නිවාස කුලී ගාස්තු හමුවේ තරුණ පරපුර මුහුණ දී සිටින අතිශය අභියෝගාත්මක ආර්ථික පීඩනයන් මෙම සබඳතා රටාව පුළුල් වීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බව මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අතර, මුල් අවස්ථාවේදී සෙනෙහසක් ලෙස පෙනී ගියද කල් යත්ම දෙපාර්ශ්වය අතර දැඩි මානසික පීඩනයක් හා අසහනයක් නිර්මාණය වීමට එය හේතු වේ.
ආර්ථික අපහසුතා මත පදනම්ව බිහි වන මෙවැනි කෘත්‍රිම සබඳතා රටාවන් නූතන සමාජයේ පවුල් සංස්ථාවට සහ මානව සබඳතාවල අනාගතයට එල්ල කරනු ලබන බලපෑම බරපතළ වන අතර, ගෝලීය මට්ටමින් මෙන්ම මෙවැනි ආර්ථික පීඩනයන් පවතින සංවර්ධනය වෙමින් පවතින රටවලද සමාජ සංස්කෘතික හැසිරීම් රටා ඉදිරියේදී දැඩි ලෙස වෙනස් වීමට මෙම තත්ත්වය බලපානු ඇත.














