ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) වැඩසටහන් කාර්යාලයේ වැඩබලන ප්‍රධානී මෙන්ම, UNODC ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ (GMCP) නැඟෙනහිර ඉන්දීය සාගර කලාපය භාර කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන සිජි සොං (Siji Song) මහත්මිය පෙරේදා (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමු විය.
නාවික හමුදාධිපතිවරයා විසින් ඇය පිළිගැනීමෙන් අනතුරුව, දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවේදී මුහුදු මාර්ග ඔස්සේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් සමුද්‍රීය අපරාධ වැළැක්වීම ඇතුළු දෙපාර්ශ්වයට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදි. මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිවරයා සහ සිජි සොං මහත්මිය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.














