විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් කැඳවා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගි නොවන බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කැඳවා මෙგෝනියට මෙგැනි සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂ නායකවරයාට කිසිදු බලයක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ මතය වී තිබේ. ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම හමුව මගහරිමින් ඊට සහභාගි නොවීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
















