නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඖෂධ පෙති හත් ලක්ෂ පනස් දහසක් (750,000) රැගත් ඩිංගි යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පුත්තලම කලපු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික විජය ආයතනය මඟින් පුත්තලම කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී නාවික හමුදා මෙහෙයුම හමුවේ අත්හැර දමා ගොස් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් සහ එහි තිබූ මෙම විශාල ඖෂධ පෙති තොගය සොයා ගැනීමට නාවික හමුදාවට හැකිවී තිබේ. අත්අඩංගුවටගත් මෙම ඩිංගි යාත්‍රාව සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
















