කඩුවෙල හේවාගම ජයවික්‍රම ඔයිල් කඩය (තෙල් කඩය) වෙත ඊයේ (අගෝස්තු 19) උදෑසන 6.10ට පමණ පැමිණි පුද්ගලයෙකු විසින් ව්‍යාපාරයේ අයිතිකරුගේ කරේ තිබූ රන් මාලය මංකොල්ල කෑමට උත්සාහ දරා ඇත.
මොහු ඒ සඳහා මිරිස් කුඩු සහිත බෑගයක් රැගෙන පැමිණ ඇති අතර, අයිතිකරුගේ මුහුණට මිරිස් කුඩු ගසා රන් මාලය කඩාගෙන පලා යාමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදීම ව්‍යාපාරිකයා සහ ප්‍රදේශවාසීන් එක්ව සොරාව අල්ලාගෙන හොඳ ගුටි පූජාවක් ලබා දී ඇත.














