ඉරාන භූමියේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට බැලිස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වීමත් සමඟ, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය සමඟ පවතින සියලුම වෙළඳ, වාණිජ සහ මූල්‍ය ගනුදෙනු යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට එමිරේට්ස් රජය පියවර ගෙන තිබේ.
මෙම මිසයිල එමිරේට්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවට පතිත වී ඇති අතර, වාසනාවකට මෙන් කිසිදු අනතුරක් සිදුවී නැත. ඇමෙරිකානු කඳවුරු එමිරේට්ස් රාජ්‍යයේ පිහිටා තිබීම හේතුවෙන් ඇමෙරිකා-ඉරාන ගැටුම් හමුවේ එමිරේට්ස් රාජ්‍යය ඉරානයේ ඉලක්කයක් වී ඇති බව පෙනී යයි. කෙසේ වෙතත්, මෙම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත් ඒවා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයීල් බගායි ප්‍රකාශ කර ඇත.














