එල්නිනෝ (El Nino) තත්ත්වය හේතුවෙන් මුහුදේ මාළු හිඟවීමක් සිදුවී ඇතැයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මීට අමතරව, පරිසර දූෂණය සහ නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම (වැරදි ක්‍රම) භාවිතා කිරීමද මුහුදේ මාළු ප්‍රමාණය අඩුවීමට ප්‍රධාන හේතු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය පිළිබඳව සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් නාරා (NARA) ආයතනය විසින් අද දින ලබාදීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














