විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ තීරණයක් ගැනීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් යුත් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පෙන්වා දී තිබේ.
පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය රටට අත්‍යවශ්‍ය බව පවසමින් ආණ්ඩුව මෙම විශ්‍රාම වයස ඉහළ දැමීමේ තීරණය ගෙන ඇති බව රදගුරු සමුළුව සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
















