ඉදිරියේදී මතුවිය හැකි එල්නිනෝ (El Niño) කාලගුණ තත්ත්වයන් සහ නියං කාල පරිච්ඡේද හමුවේ ජල සම්පාදන ක්‍රමවේද විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් හඳුන්වා දී තිබේ. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මේ බව අනාවරණය කළේය.
අදාළ නව චක්‍රලේඛය පසුගිය අගෝස්තු 6 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිල වශයෙන් නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. රට තුළ වියළි කාලගුණ තත්ත්වයන් තීව්‍ර වුවහොත් ජල සම්පාදනය අඩාල වීම වැළැක්වීමට සහ ජල කළමනාකරණය විධිමත් අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය නීති රෙගුලාසි මඟින් මෙහිදී සුවිශේෂී පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවට එල්නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන එකමුතුව මෙම කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී.
















