ශ්රී ලංකා කණ්ඩායම සමඟ විස්සයි20 සහ ටෙස්ට් තරගාවලියක් ද, එංගලන්තය සමඟ එක්දින තුන්කොන් තරගාවලියක් ද පැවැත්වීමට පාකිස්තානු ක්රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා තිබේ. ඒ අනුව ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මෙම තරගාවලි පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 4 වන දින පාකිස්තානයට පැමිණෙන ශ්රී ලංකා කණ්ඩායම, ඔක්තෝබර් 9 සිට 13 දක්වා රාවල්පිණ්ඩිහිදී විස්සයි20 තරග තුනකට සහභාගී වනු ඇත. ඉන් අනතුරුව පාකිස්තානය, ශ්රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තුන්කොන් තරගාවලියක් ඔක්තෝබර් 18 සිට 31 දක්වා රාවල්පිණ්ඩි සහ ලාහෝර් හිදී පැවැත්වේ. ඔක්තෝබර් 18 වැනි දින පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වන මෙම තරගාවලියේ අවමංගත්ත තරගය ඔක්තෝබර් 31 වැනි දින ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතය.
තුන්කොන් එක්දින තරගාවලියෙන් පසු, නොවැම්බර් 4 සිට 6 දක්වා ඉස්ලාමාබාද්හිදී තුන් දින පුහුණු තරගයකට මුහුණ දෙන ශ්රී ලංකා කණ්ඩායම, නොවැම්බර් මාසයේදී පාකිස්තානය සමඟ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියකටද සහභාගී වනු ඇත.
















