වාරිමාර්ග ව්‍යාපෘති සඳහා කඳු විදීමට මිලදී ගත් යන්ත්‍ර ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් රුපියල් කෝටි හත්සීයක මුදලක් චීනයට නිකරුණේ ගෙවීමට සිදුව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙය එක් සිද්ධියක් පමණක් වන අතර මේ ආකාරයෙන් විශාල වශයෙන් මුදල් නාස්ති කරමින් රටට දැඩි පාඩුවක් සිදු කර ඇති බවයි. ගිය වසරේ උතුරු පළාත් ඇළට රුපියල් කෝටි 3200ක් වෙන් කර උමගේ වැඩ අවසන් කළද, එපමණ මුදලක් වෙන් කර තිබියදීත් වැඩ අවසන් වී නොමැති බවත්, මුදල් නොමැතිකම නිසා එය නතර වී තිබූ නමුත් වර්තමානයේ එම ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.















