ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ප්‍රවාහන යෙදවුම වන **Uber**, සිය ප්‍රවාහන සේවාවන් කුරුණෑගල දිස්ත්‍රික්කය දක්වා නිල වශයෙන් ව්‍යාප්ත කර තිබේ. කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පසුව 2026 වසර තුළ Uber සේවාව ව්‍යාප්ත වූ තෙවැනි දිස්ත්‍රික්කය කුරුණෑගල වේ.
මෙම ව්‍යාප්තියත් සමඟ කුරුණෑගල ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයන්ට මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි හරහා සුරක්ෂිත සහ පහසු ගමන්වාර වෙන්කර ගැනීමට අවස්ථාව හිමිවේ.
නිවස අසලටම වාහනයක් ගෙන්වා ගැනීමේ පහසුව මෙන්ම ගමන ආරම්භ කිරීමට පෙරම අදාළ ගාස්තුව දැකබලා ගැනීමේ පහසුකම (Upfront pricing) මගින් ජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා වඩාත් සරල කරයි. මීට අමතරව, මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි හිමි ප්‍රදේශවාසී රියදුරන්ට තමන්ට අවශ්‍ය වේලාවට සේවයේ යෙදෙමින් නම්‍යශීලී අතිරේක ආදායම් මාර්ගයක් උදා කර ගැනීමට මෙයින් අවස්ථාව සැලසේ.
සජීවී GPS තාක්ෂණය ඔස්සේ ගමන් මග නිරීක්ෂණය කිරීම, ගමන් මග වෙනත් අයෙකු සමඟ හුවමාරු කරගැනීම, රියදුරු සත්‍යාපනය, පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සහායක සේවාව සහ ඇප් එක තුළ ඇති හදිසි අවස්ථා බොත්තම වැනි ආරක්ෂිත විශේෂාංග රැසක් මගීන්ට සහ රියදුරන්ට සපයා ඇත. ශ්‍රී ලංකාව තුළ යෙදවුම් පදනම් කරගත් ප්‍රවාහන ජාලය තවදුරටත් පුළුල් කරමින්, කුරුණෑගල වැසියන්ගේ දෛනික ගමනාගමනය වඩාත් පහසු කිරීමට මෙමඟින් හැකි වනු ඇත.















