නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (අගෝස්තු 21) දිනයේ දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම **”අවධානය යොමු කළ යුතු”** මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (අගෝස්තු 20) පස්වරුවේ විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළ අතර, අදාළ ප්‍රදේශවල ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කරන ලෙස දැනුම් දී ඇත.
















