ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දැඩි ආර්ථික යුද්ධයක් ආරම්භ කරන බවට අනතුරු ඇඟවීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානය සමඟ සිදු කරන වාණිජ කටයුතු අත්හිටුවීමට පියවර ගැනීම මෙම මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මෙම තත්ත්වයත් සමඟ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 92 ඉක්මවා ගොස් ඇති අතර, WTI (West Texas Intermediate) වර්ගයේ ඉන්ධන බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 85 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මැදපෙරදිග පවතින උණුසුම් වාතාවරණය සහ ප්‍රවාහන මාර්ග සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් ඉදිරියේදී ද තෙල් මිලෙහි යම් ශ්‍යස්ථතාවක් අපේක්ෂා කළ හැකි බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














