වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයකට අයත් ඉඩමක මායිම ආසන්නයේ විදුලිසැර යෙදීම හේතුවෙන් සුනඛයින් හතර දෙනෙකු විදුලිසැර වැදී මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (19) රාත්‍රී කාලයේදී අදාළ ඉඩම හරහා ගමන් ගත් අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති අතර, හෝටලයේ ඉඩම් මායිම ආසන්නයේ මෙම විදුලිසැර යෙදීම සිදු කර ඇති බව පෙනෙන්නට තිබේ.
මෙලෙස සුනඛයින් මියයාම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා **වාද්දුව පොලිසිය** සහ **වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය** විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
















