දිවිසැරිය නිමකළ ප්රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු කරන බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි. ඔහු ප්රකාශ කළේ, අනිද්දා පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී එම කටයුතු සිදු කරන බවය. මහජන ගෞරවය සඳහා ඇයගේ දේහය නුගේගොඩ විජයබා මාවත පිහිටා ඇති නන්දා මාලනී සංගීත ආශ්රමයේ හෙට (21) පෙරවරු 10.00ට තැන්පත් කෙරෙනු ඇත.














