එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම විසඳීමට උත්සාහ දරමින් සිටින අතරතුර, ඉරානයට “කිසියම් ආකාරයක ජීවන රේඛාවක් (lifeline) හෝ සහයෝගයක්” ලබා දෙන ඕනෑම රටකට දරුණු ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස අනතුරු ඇඟවීය.
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ පරිමාණයෙන් “ආර්ථික යුද්ධයක් සහ හුදකලා කිරීමක්” ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. මීට ප්‍රතිචාර දක්වා ඇති ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්ෂි පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඇමරිකාවේ දේශීය මූල්‍ය ගැටුම්වලින් මහජන අවධානය වෙනතකට හැරවීමේ උත්සාහයක් වන බවයි.
මේ අතර, ඉරානයේ මුහුදු මාර්ගයෙන් අපනයනය කෙරෙන තෙල්වලින් 80%කට අධික ප්‍රමාණයක් මිලදී ගන්නා චීනය ප්‍රකාශ කර ඇත්තේ, සම්බාධක හා පීඩන මඟින් ගැටුමට විසඳුම් ලබාගත නොහැකි බැවින් දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද හරහා ගැටුම විසඳා ගැනීමට කටයුතු කරන ලෙසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














