පේරු රාජ්‍යයේ දකුණුදිග අයකුචෝ (Ayacucho) පළමුවරට මධ්‍යස්ථාන කරගනිමින් මැග්නිටියුඩ් 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් හදිසියේම හටගෙන තිබේ. ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයට බලපෑ මෙම ප්‍රබල භූමිකම්පා තත්ත්වයත් සමඟ ප්‍රදේශයේ වැසියන් දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති අතර, මේ වන තෙක් සිදුව ඇති දේපළ හානි හෝ පුද්ගල තුවාල පිළිබඳව නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත. කලාපයේ නිතර හටගන්නා මෙවැනි ස්වභාවික විපත් හේතුවෙන් ජනතාව නිරන්තර අවධානයෙන් පසුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















