පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක පවුල් 25,563කට අයත් පුද්ගලයන් 81,605 දෙනෙකු දැඩි ජල හිඟයකට මුහුණ දී සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක ජනතාව මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇත. එල් නිනෝ කාලගුණ සංසිද්ධිය හමුවේ මතුවිය හැකි නියඟ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අඛණ්ඩව ජලය සැපයීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේය.
පානීය සහ සනීපාරක්ෂක කටයුතු සඳහා පුද්ගලයෙකුට දිනකට ලබා දෙන ජල ප්‍රමාණය ලීටර් 6 සිට 15 දක්වා වැඩි කර ඇති අතර, පීඩාවට පත් ප්‍රදේශ වෙත ජලය බෙදා හැරීම සඳහා ජල බවුසර් 324 ක් යොදවා තිබේ. නියඟයෙන් සිදුවන බලපෑම් අවම කර සහන සැලසීම සඳහා රුපියල් බිලියන 4.8 ක මුදලක් ජාතික අයවැයෙන් වෙන් කර ඇති බවද බලධාරීහු සඳහන් කරති.














