කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින්, දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) අද (21) අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් මෙම තීරණයට අනුව ඊයේ (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින්ද ඉවත් වීමට කටයුතු කළ බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතද දැනුම් දී ඇත.
















