හිටපු රාජ්‍ය අමාත්‍යවරියක සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ගීතා කුමාරසිංහ මහත්මියගේ හිටපු සැමියා වන ස්විට්සර්ලන්ත ජාතික ක්‍රිස් ෆුරර් ෆර්ඩිනැන්ඩ් (Chris Fuhrer Ferdinand) මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 81 වන වියෙහි පසුවිය.
බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය දියණියගේ නිවසේ රැඳී සිටියදී මෙම අභාවය සිදුවී ඇති බව තලංගම පොලිසිය තහවුරු කරයි. පසුගිය 20 වන දින උදෑසන ඔහු අවදි නොවීම හේතුවෙන් ඇති වූ සැකය මත පවුලේ සාමාජිකයන් පොලිසිය දැනුවත් කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඔහු සිය නිදි යහන මතම මියගොස් සිටිනු සොයාගෙන ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර, ඉන් අනතුරුව මියගිය අයගේ අවසන් කැමැත්තට අනුව දේහය අවසන් කටයුතු සඳහා ස්විට්සර්ලන්තයට රැගෙන යාමට නියමිතය. දශක හතරකට ආසන්න කාලයක් ගීතා කුමාරසිංහ මහත්මිය සමඟ විවාහ වී සිටි ක්‍රිස් ෆුරර් මහතා, ප්‍රමුඛ පෙළේ ස්විට්සර්ලන්ත ව්‍යාපාරිකයකු වන අතර ඔහු ශ්‍රී ලංකාවේ විදුල්ලංකා සමාගම ඇතුළු ව්‍යාපාර කිහිපයක කොටස්හිමිකාරීත්වයක් දැරූ අයෙකි. මීට අමතරව, මෙරට සිනමා ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට ද ඔහු විසින් සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබුණි.














