බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා (Brandize Finance Sri Lanka) විසින් නිකුත් කරන ලද 2026 වසරේ මෙරට වටිනාම සන්නාම 100 ලැයිස්තුවට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) ඇතුළත් වී තිබේ.
එපමණක් නොව, බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ ප්‍රමුඛතම සන්නාම තුන අතරට පැමිණීමට ද එම සමාගම සමත්ව ඇත. පසුගිය 2025 වසරේ 25 වැනි ස්ථානයේ පසුවූ පීපල්ස් ලීසිං සමාගම, 2026 වසර වන විට ස්ථාන තුනක් ඉදිරියට පැමිණ 22 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. මෙහිදී සමාගමේ සන්නාම අගය රුපියල් බිලියන 5.4 සිට බිලියන 7.5 දක්වා වර්ධනය වී ඇති අතර, AA+ සන්නාම ශක්ති ශ්‍රේණිගත කිරීමක් ද ලබා ගැනීමට සමත්ව ඇත.
ශක්තිමත් සන්නාම ප්‍රතිරූපයක් සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය තහවුරු කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගැනීමට දායක වූ සියලුම පාරිභෝගිකයන්ට සහ කාර්ය මණ්ඩලයට සමාගම සිය කෘතඥතාව පළ කර සිටියි.














