ශ්‍රී ලංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වී ඇත. දශක ගණනාවක් පුරා තම මියුරු හඬින් සමාජ අසාධාරණය, අයුක්තිය සහ ඒකාධිපති පාලනයන්ට එරෙහිව පදවැල් මිමිණූ ඇයගේ කලා මෙහෙවර මෙතෙකැයි කිව නොහැක.
නන්දා මාලිනිය වැනි ප්‍රගතිශීලී කලාකරුවන් සමාජ අසාධාරණයට එරෙහිව සහ යහපත් සමාජ දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවලදී, විවිධ දේශපාලන පාර්ශ්වයන්ගෙන් සහ පුද්ගලයන්ගෙන් එල්ල වූ මඩ ප්‍රහාර (නන්දා මාලිනී රටම ලේ විලක් කලා…) මෙන්ම අසත්‍ය ප්‍රචාරද ඉතිහාසයේ දැකගත හැකි විය. විශේෂයෙන් 2022 ජන නැඟිටීම සමඟ ඇය එක්වීමෙන් පසු ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් ඇයගේ ප්‍රතිරූපයට හානි කිරීමට ව්‍යාජ ප්‍රකාශ නිර්මාණය කළද, Fact Cresendo වැනි ආයතන විසින් ඒවා අසත්‍ය බව තහවුරු කරනු ලැබිණි.














