42 වන ජාතික මීලාද් – උන් – නබි රාජ්‍ය මහෝත්සවය එළඹෙන අගෝස්තු 26 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව, පෙරියමුල්ල අල් – හිලාල් විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
“සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම” යන තේමාව යටතේ මෙවර උළෙල සංවිධානය කර ඇති බව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සඳහන් කළේය. ඒ සමඟම, ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රුධිර දාන සහ රුක්ෂ රෝපණ වැඩසටහන්, “Visit My Mosque” විශේෂ වැඩසටහන, මුහම්මද් නබිතුමාණන්ගේ ජීවිතය හා ඉගැන්වීම් ඇතුළත් ප්‍රදර්ශනයක් මෙන්ම ඓතිහාසික වැදගත්කම ඉස්මතු කරන ග්රන්ථයක් එළිදැක්වීම සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම සිදු කෙරේ. මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ පල්ලි 12ක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය ආධාර ලබා දීමටද (ප්‍රධාන පල්ලි 8ක් සඳහා රුපියල් මිලියනය බැගින් සහ අනෙක් පල්ලි 4ක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින්) කටයුතු යොදා ඇත.
—














