ගත වූ පැය 24 තුළ ක්‍රියාත්මක කරන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.
ඊයේ (20) දිනය තුළ පමණක් වැටලීම් 753ක් සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස අතරින් සැකකරුවන් 4 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර තවත් තිදෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම සහ ඉල්ලුම අවම කිරීම මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගනිමින් මෙම විශේෂ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















