අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියදුරන් මෙන්ම පසුපස අසුන්වල ගමන් කරන මගීන් ඇතුළු සියලුම මගීන් ආරක්ෂිත ආසන පටි පැළඳීමේ නීතිය 2026 සැප්තැම්බර් 19 වෙනිදා සිට දැඩි ලෙස අනිවාර්ය කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ මූලිකත්වයෙන් සහ ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ සහභාගීත්වයෙන් පිටත වටරවුම් මාර්ගයේ කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී රියදුරන් සහ මගීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්ද අද (21) පවත්වන ලදී.
ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නීතිය වසරකට ආසන්න කාලයක් වරින්වර කල්දැමුවද, මෙවර කිසිදු හේතුවක් මත කාලය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව බලධාරීහු අවධාරණය කරති. ඒ අනුව, එළැඹෙන සැප්තැම්බර් 19 වන දින සිට මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බැවින් අධිවේගී මාර්ග භාවිත කරන්නන් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුය.
















