දකුණු පේරු හි ඊයේ (20) දින රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව ඇමරිකානු භූ කම්පන විද්‍යාඥයින් සඳහන් කර තිබේ. මූලික වාර්තාවන්ට අනුව මෙම අනපේක්ෂිත ස්වභාවික ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බව බලධාරීන් වාර්තා කර ඇත.
මෙම ප්‍රබල භූමිකම්පාවේ අපිකේන්ද්‍රය උපහුවාචෝ (Uchumayo) සිට කිලෝමීටර් 40ක් පමණ වයඹ දෙසින් සහ ලීමා අගනුවර සිට කිලෝමීටර් 800ක් පමණ දුරින් පිහිටා තිබුණු බව වැඩිදුරටත් සඳහන් වේ.














