දිවයිනෙන් සමුගත් මෙරට සංස්කෘතික හා සංගීත ක්ෂේත්රයේ අග්රගණ්ය කලාකාරිනියක වන ප්රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් කලාකාරිනී මාධවී ඇන්තනී සිය ෆේස්බුක් ගිණුමෙහි සංවේදී සටහනක් තබා තිබේ.
තම වියේදී ගුවන්විදුලි පටිගත කිරීමක් සඳහා නන්දා මාලනී මහත්මියගෙන් ලැබුණු ගුරුහරුකම් සිහිපත් කරමින් ඇය සටහන් කර ඇත්තේ, “සුදු පරවියෙක් වගේ සුදු හැර වෙන කිසි පාටකින් ඈ සැරසිලා ඉන්නවා මම දැකලා නෑ. ඒත් පාට නැති අඩුවක් දැනිලත් නෑ. හැබැයි අදින් පස්සෙ නන්දා නැන්දා නැති අඩුව හැමදාටම තියෙයි” යනුවෙනි.
දශක හයකට අධික කාලයක් ශ්රී ලංකීය සුභාවිත ගීත ක්ෂේත්රයට අනුපමේය මෙහෙයක් ඉටු කළ නන්දා මාලනී මහත්මිය “රන්මුතු දූව” චිත්රපටයේ “ගලන ගඟකි ජීවිතේ” ගීතයේ සිට “පවන”, “සිංදු හෝඩිය” ඇතුළු අමරණීය නිර්මාණ රැසක් මෙරට රසික හදවත් වෙත දායාද කළ අතර, ඇයගේ වියෝව සමස්ත ජාතියටම දැරිය නොහැකි පාඩුවකි.
















