දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ගැඹුරු සහ මධුර හඬකින් මුළුමහත් දැයක් අවදි කළ ශ්‍රී ලංකීය සුභාවිත ගීත කලාවේ මහා ප්‍රදීපස්තම්භය වූ ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය සිහිපත් කරමින් පරිසර අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
2004 වසරේදී කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී උඩවැඩියා මල් සංගමය විසින් ප්‍රධානය කරන ලද, **”Ascocenda Nanda Malani”** නමින් නම් කරන ලද දෙමුහුන් කළ උඩවැඩියා මල මගින් ඇගේ නාමය සොබාදහමේ රමණීයත්වයට එකතු වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. ගී හඬක් නිහඬ වුවද එමඟින් දල්වන ලද හෘද සාක්ෂිය කිසිදා නිහඬ කළ නොහැකි බවත්, මලක් පරවී බිම වැටුණද එය සොබාදහමට එක් කළ සුවඳ මැකී නොයන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
















