දකුණු කොරියානු ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානයක් මුහුදට කඩා වැටුණු අවස්ථාවේදී එරට ගුවන් නියමුවන් දෙදෙනෙකු බේරා ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා ජාතික සංක්‍රමණික සේවකයින් දෙදෙනෙකුට දිගුකාලීන දක්ෂතා මත පදනම් වූ (skilled-worker) වීසා හිමිව තිබෙනවා.
මීට වසර හතරකට පෙර, එනම් 2022 අගෝස්තු 12 වන දින සෝල් නුවරට දකුණින් පිහිටි කහ මුහුදේදී (Yellow Sea) එන්ජින් ගින්නක් හේතුවෙන් කඩා වැටුණු ප්‍රහාරක ජෙට් යානයක නියමුවන් දෙදෙනෙකු, මසුන් අල්ලන යාත්‍රාවක සිටි ශ්‍රී ලංකියාුවන් තිදෙනෙකු විසින් මෙලෙස බේරා ගන්නා ලදී. එසැම සමයේ E-9 තාවකාලික සේවක වීසා මත දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටි ඔවුන්, එම ජීවිත බේරාගැනීමේ ආදර්ශවත් ක්‍රියාව වෙනුවෙන් මීට පෙර ගුවන් හමුදාපතිවරයාගේ ප්‍රශංසා පත්‍රයකින් ද පිදුම් ලැබීය.
ඒ අනුව, ජාතික ප්‍රයෝජනය වෙනුවෙන් සිදු කළ මෙම විශිෂ්ට සේවය සලකා බලා දකුණු කොරියානු යුක්ති අමාත්‍යාංශය විසින් එම ශ්‍රී ලංකා සේවකයින් දෙදෙනාට E-7-4 දක්ෂතා මත පදනම් වූ වීසා බලපත්‍ර ලබා දී ඇති අතර, ඉන් තෙවැන්නා මීට පෙරද දිගුකාලීන පදිංචි තත්ත්වය ලබාගෙන තිබුණි. මෙම නව වීසා ක්‍රමවේදය යටතේ ඔවුන්ට මුලින් වසර දෙකක කාලයක් එරට රැඳී සිටීමට අවසර ලැබෙන අතර, සීමාවකින් තොරව එම වීසා කාලය අඛණ්ඩව දීර්ඝ කර ගැනීමේ හැකියාව හිමිවේ.
















