සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු කිරීමේදී ජනතාව දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව අවධාරණය කෙරේ.
සමාජ මාධ්‍ය ජාලයක පුවතක් හෝ තොරතුරක් දුටු පමණින් එය සත්‍යයක් ලෙස පිළිගෙන ක්‍රියා කිරීමෙන් වැළකී සිටින ලෙසත්, ඒ වෙනුවට “නවතින්න, සිතන්න සහ තහවුරු කරන්න” යන මූලධර්මය අනුගමනය කරන ලෙසත් දන්වා සිටියි. යම් තොරතුරක සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා සැමවිටම නිල පුවත් මූලාශ්‍ර, රජයේ නිවේදන සහ විශ්වාසදායක වෙබ් අඩවි පරීක්ෂා කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
















