ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති **”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විසිදෙවන සංශෝධනය”** නම් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථానుಕೂලතාව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ නිර්ණායක පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ද ලබාගත යුතු බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි. වත්මන් උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි බැවින්, එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු මූලධර්මයක් යටතට පත්වන බව පෙත්සමේ සඳහන් වේ. අගෝස්තු 7 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අගෝස්තු 18 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.














