ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ නුතන තානාපතිවරයා වන අතිගරු වීේ ජැකෝබ් ඩී බෝයර් (H.E. Wiebe Jakob DE BOER) මහතා අද දින (2026 අගෝස්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ෂේමියන් ප්‍රනාන්දු මහතා හමුවිය.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයා විසින් 27 වැනි නාවික හමුදාපති ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ෂේමියන් ප්‍රනාන්දු වෙත තම සුභශාසන පිරිනැමීමෙන් අනතුරුව, දෙර රටේ නාවික හමුදා අතර ඇති සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් ද්විපාර්ශ්වය අතර, ස්මරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.














