ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතිය යටතේ අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත. චීන ආධාර යටතේ කොට්ටාව ප්‍රදේශයේ ඉදිවන මෙම නිවාස ව්‍යාපෘතිය මගින්, නිවාස අවශ්‍යතාව සහිත විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍යවේදීන් සඳහා සහනදායී මිලකට නිවාස ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභී නිවාස 27ක් ලබාදීමට නියමිතයි.
අයදුම් කිරීම සඳහා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩව වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම, වයස අවුරුදු 30 ත් 60 ත් අතර පසුවීම සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2025 හෝ 2026 වසර සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පතක් සතු වීම යන මූලික සුදුසුකම් සපුරා තිබිය යුතුය.
අයදුම්පත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.media.gov.lk ඔස්සේ භාගත කරගත හැකි අතර, සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026 සැප්තැම්බර් 18 වැනිදාට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයට යොමු කළ යුතුය.














