ගල්කිස්ස, පිරිස් පාර ප්රදේශයේ නිවසකට පැන රුපියල් ලක්ෂ 240ක පමණ වටිනාකමකින් යුත් රන් පවුම් 40ක් සහ මුදලින් ලක්ෂ 100ක් සොරකම් කළ සැකකරුවෙකු පැය 24ක් ගත වීමටත් මත්තෙන් දෙහිවල, ඕබන් පෙදෙසින් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය පවසනවා.
ආරක්ෂක කැමරා දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සොරකම් කරන ලද මුදලින් ලක්ෂ 18ක වටිනාකමකින් යුත් යතුරුපැදියක්, සවුන්ඩ් යන්ත්රයක් සහ ජංගම දුරකථන කිහිපයක් මිලදී ගෙන තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මීට පෙරද ගෙවල් බිඳීම් සහ ත්රිරෝද රථ සොරකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලැබී සිටින අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.














