වීදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කළ නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර තිබේ. කොළඹ ප්‍රදේශයේ බීම නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී ආහාර සුරක්ෂිතතා හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා 29ක් යටතේ මෙම නඩුව 2026 අගෝස්තු 21 වන දින විභාගයට ගත් අතර, එහිදී අත්අඩංගුවට ගන්නා ලද බීම තොගය විනාශ කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.














