කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණීමට ප්‍රදර්ශනය කිරීමේ වරදට අධිකරණයේදී වරද පිළිගත් පෞද්ගලික ඔසුහලක හිමිකරුවකුට ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
කොළඹ අධිකරණ බල සීමාව තුළ පිහිටි “ලයිෆ් ෆාමසි” නමැති වෙළෙඳ ආයතනයේදී, විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමඟ කල් ඉකුත් වීමේ දිනය 2026.02.01 ලෙස තිබූ ‘Capral Lac Gold 400g Vanila Flovour’ කිරිපිටි ඇසුරුම් 02ක් ගබඩා කර තැබීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම චෝදනා ගොනු කර තිබුණි.














