වසරේ ආරම්භක දිනයේ සිට අගෝස්තු 20 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු 1,654 කින් පුද්ගලයින් 1,749 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
මීට අමතරව බරපතළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 4,556 දෙනෙකු සහ සුළු අනතුරු 7,295 ක් හේතුවෙන් තවත් විශාල පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, අලාභහානි පමණක් සිදු වූ අනතුරු 3,232 ක් වාර්තා වී තිබේ. අනතුරුවලින් මියගිය පිරිස අතර යතුරුපැදිකරුවන් 617 ක් සහ පදිකයින් 576 ක් වන අතර, මගීන් 173 ක්, රියදුරන් 139 ක්, පසුපැදිකරුවන් 122 ක් සහ පාපැදිකරුවන් 119 දෙනෙකු ද වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














