චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී (World Robot Conference 2026) ප්‍රදර්ශනයට තබා ඇති අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක් කාගේත් දැඩි අවධානයට ලක්ව තිබේ.
සැබෑ මත්ස්‍යයකුගේ ස්වරූපයට බෙහෙවින් සමාන මෙම රොබෝ මත්ස්‍යයා බරින් කිලෝග්‍රෑම් 2 ක් පමණ වන අතර, එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පැය 5 කට අධික කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමේ හැකියාව සතුය. ම මෙහි මුඛය තුළ සවිකර ඇති අධෝරක්ත හඳුනාගැනීමේ මොඩියුලය (Infrared Module) මඟින් ජලය යට ඇති ගල් සහ ජලජ පැළෑටි වැනි බාධක පහසුවෙන් හඳුනාගෙන මඟහැර යාමට ඊට හැකියාව පවතී. මිනිසුන්ට සහ විශාල උපකරණවලට ළඟා විය නොහැකි පටු ජලාශ්‍රිත ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මෙම සංයුක්ත රොබෝ නිර්මාණය භාවිත කළ හැකිය.
















