2025 මූල්‍ය වර්ෂය තුළ ඇමරිකානු හමුදා සාමාජිකයින් 20,492ක් පමණ අනපේක්ෂිත ලිංගික ස්පර්ශයන්ට (unwanted sexual contact) මුහුණ දී ඇති බව පෙන්ටගනය ප්‍රකාශ කර ඇත. එය මීට වසර දෙකකට පෙර වාර්තා වූ අගයට වඩා ආසන්න වශයෙන් 8,500ක පහත වැටීමකි.
පෙන්ටගනය විසින් කොංග්‍රසයට ඉදිරිපත් කරන ලද 2025 මූල්‍ය වර්ෂයේ ලිංගික අපරාධ පිළිබඳ වාර්තාවට අනුව, ක්‍රියාකාරී සේවයේ නියුතු කාන්තාවන් අතර මෙම අගය 2023 වසරේ තිබූ 6.8% සිට 2025 දී 4.3% දක්වා පහත වැටී ඇති අතර, පිරිමින් අතර එම අගය 1.3% සිට 1% දක්වා අඩු වී තිබේ. එසේම, නිල ක්‍රමවේද හරහා ලිංගික අපරාධ වාර්තා කිරීමේ ප්‍රතිශතය 2023 දී 25% සිට 2025 දී 33% දක්වා ඉහළ ගොස් ඇති බවද ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
















