හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය දැනට ඇමෙරිකා එක්සත් ජනපදය සතුව පවතින බව ප්‍රකාශ කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානය තවමත් සුදුසු “නිවැරදි ගිවිසුමකට” පැමිණීමට සූදානම් නැති බව පවසා තිබේ.
කලාපීය නාවික ගමනාගමනය සහ උපායමාර්ගික මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමට ඇමෙරිකානු බලඇණි කටයුතු කරමින් සිටින බව ඇමෙරිකාව අවධාරණය කරයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමග, පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂිත වාතාවරණය පිළිබඳව නැවතත් දැඩි අවධානයක් යොමු වී ඇත.














