වසරේ ගතවූ මාස 08ක කාලසීමාව තුළ දිවයින පුරා මාරක රිය අනතුරු 1,654ක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ, එම අනතුරුවලින් පුද්ගලයින් 1,749 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මීට අමතරව, බරපතළ ගණයේ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 4,556 දෙනෙකුට සහ සුළු අනතුරු හේතුවෙන් 7,295 දෙනෙකුට තුවාල සිදුව තිබේ.
















