ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ අනිද්දා (24) දිවයිනට රැගෙන ඒමට නියමිතය.
ඒ අනුව සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබා දී තිබූ දැනුම්දීමකට අනුව එරට පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
















