අමෙරිකාව විසින් කැනඩා භාණ්ඩ මත පැනවීමට සූදානම් වන අලුත්ම තීරුබදු ඉහළ දැමීම්වලට එරෙහිව කැනඩාවද “ඩොලරයට ඩොලරයක්” හිලව් වන පරිදි ප්රතිචාර බදු පනවන බව කැනඩා අගමැති මාක් කාර්නි (Mark Carney) පවසයි. අමෙරිකාව සමඟ පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා අත්හිටුවීමට කැනඩාව පියවර ගැනීමත් සමඟ අගමැතිවරයා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
අමෙරිකාව සාකච්ඡාවල අවසන් මොහොතේ ඉදිරිපත් කළ නව කොන්දේසි අසාධාරණ සහ අසමබර බව කියමින් කැනඩාව මෙම වෙළෙඳ සාකච්ඡාවලින් ඉවත් වී ඇති බව සඳහන් වේ. කැනඩාවෙන් අමෙරිකාවට යවන ඩොලර් බිලියන 28කට ආසන්න භාණ්ඩ ප්රමාණයක් සඳහා 50%ක අධික තීරුබද්දක් පැනවීමට අමෙරිකාව සූදානම් වන බවද වාර්තා වේ.















