ඒ අනුව, ඊයේ දින රුපියල් ලක්ෂය ඉක්මවා ගිය කැරට් 24 රන් පවුමක විකුණුම් මිල අද වන විට රුපියල් 398,955ක් දක්වා පහළ ගොස් ඇත. අද දින රන් මිල ගණන් ලෙස කැරට් 24 ග්‍රෑම් 8ක් මිලදී ගැනීමේ මිල රුපියල් 374,100ක් සහ එහි විකුණුම් මිල රුපියල් 398,955ක් ලෙස සටහන් වන අතර, කැරට් 22 ග්‍රෑම් 8ක් මිලදී ගැනීමේ මිල රුපියල් 342,524ක් සහ විකුණුම් මිල රුපියල් 365,524කි. එසේම, කැරට් 21 ග්‍රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 327,145ක් සහ විකුණුම් මිල රුපියල් 349,075ක් වන අතර, කැරට් 18 ග්‍රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 280,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 299,205ක් ලෙස වාර්තා වේ.
රන් මිල ගණන් දෛනිකව සහ නිතර උච්චාවචනය වන බැවින්, මිලදී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් පරීක්ෂා කර බලන ලෙස කාරුණිකව දන්වා සිටිමු.















