නුවරඑළිය දිස්ත්රික්කයේ ඉතා කාර්යබහුල බස් නැවතුම්පොළක් ලෙස සැලකෙන තලවකැලේ බස් නැවතුම්පොළේ ඉහළ මහළේ බැඳ ඇති විශාල බඹර කූඩුවක් හේතුවෙන් එම බස් නැවතුම්පොළට පැමිණෙන මගීන් මෙන්ම නගර හරහා ගමන් කරන පාරිභෝගිකයන්ද දැඩි ලෙස පීඩාවට සහ බියට පත්ව සිටිති.
තලවකැලේ ප්රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ බඹරුන් නිතර නිතර ඇවිස්සෙන බවත්, බස් නැවතුම්පොළේ අධික නළා සහ වාහනවල ශබ්දය හේතුවෙන්ද බඹරුන් ඇවිස්සීමේ දැඩි අවදානමක් පවතින බව ප්රදේශවාසීහු පෙන්වා දෙති. තලවකැලේ විහාරස්ථානය, ඒ අවට වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හලක් සහ ජනාවාස රැසක් මේ අසල පිහිටා ඇති බැවින්, මගී ජනතාවගේ සහ ප්රදේශවාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම බඹර කූඩුව වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ප්රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















